නමස්කාර වේවා බුදු රැවනට සැමදා බුදු හිමි සරණ යමි.

කළන මිතුරැ සඟ රැවන වෙතින් නිති සම්බුදු බණ පද මටද ඇසේවා
නිවන සදන සිල් ගුණ සපුරන්නට ගෞතම මුනිඳුගෙ බණ සිහිවේවා
දුවන සිතට සැණසුම ලැබ දෙන්නට සමාධියේ සිසිලස සැළසේවා
පවන විලස පවු බැහැර කරණ්නට විදර්ශනා නුවනද ඇතිවේවා

Saturday, January 5, 2013

සිංහලෙන් පිරිත් අහමු

මහමෙවුනාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සඡ්ජායනා කරන ලද පරිත්‍රාන ධර්මය ශ්‍රවනය කිරීමට .මෙතන ඔබන්න

ඇල්ලේ කුසලඤාන ස්වාමීන් වහන්සේ

සාදු සාදු සාදු..


Thursday, January 3, 2013

ඕපනයිකවු අකාලික මුනි දහම

රෑප වේදනා සංඥා සංකාර විඤ්ඤාන යන පඤ්ච උපාදානක්ඛන්ධය වෙනස් 
වන එකක් කියල අනිත්‍ය දෙයක් කියල අවබෝධ වෙන කෙනා
 ශ්‍රද්ධානු සාරී නම් ධම්මානුසාරී නම් අස්සුතවත් පෘතග්ජන තත්වය ඉක්මවා  ගොස් සිටී නම් ඔහු නිරයේ  හෝ ප්‍රේත ලෝකයේ හෝ තිරිසන් අපායේ උපදින්නේ නැහැ...
ඔහු සෝතාපණ්න පලයට පත් නොවී මිය යන්නේ නැති බව බුදු රජාණන් වහන්සේ  සංයුත්ත නිකායේ ඛන්ධක වර්ගයේ ඔක්ඛන්ති සංයුත්තයේ පැහැදිලිවම දේශනා කරල තියනව......672 පිටුව


යෝ භික්ඛවේ, ඉමේ ධම්මේ ඒවං ජානාති ඒවං පස්සති, අයං වූ-චති
සෝතාපණ්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධිපරායනෝති.



      බුදු රජාණන් වහන්සේ දේශනා කලේ මේ සසර ගමන පටන් ගත් තැන සොයල අවසන් කරන්න බැහැ කියලයි. ඉපදෙමින් මිය යමින් යන මේ සසර ගමන සතර අපායේ වැටෙමින් යන භයානක ගමනක් බවත් මේ සසර ගමනෙදී නොයෙක් ආකාර විපත් වලදී අප හලපු රැධිරය මහා සාගරයේ ජලයටත් වඩා වැඩි බවත් බුදුන් වහන්සේ වදාලා..
මේ භයානක සසර ගමනින් නිදහස් වෙන එකම මඟ ආර්‍ය සත්‍ය අවබෝධ කිරීමයි.
  කෙනෙක් සෝතාපන්න  උනොත් භව හතක් ඇතුලත මේ සසර ගමන කෙලවර වනවා.
නතේ භවං අට්ඨමං ආදියන්ති......


සෝතාපණ්න වීමට නම් සක්කාය දිට්ඨියත් සීලබ්බත පරාමාසත් විචිකිච්චාවත් ප්‍රහානය විය යුතුයි. සක්කාය දිට්ඨිය නම් ස්වකීය කාය පිලිබඳව ඇති ආත්ම දෘෂ්ඨියයි. නැතහොත් රෑප වේදනා සංඥා සංකාර විඤ්ඤානය යන පංච උපාදානක්ඛන්දය මමය මාගේය කියල ගැනීමයි.
සීලබ්බත පරාමාස නම් අපි හරි කියල අල්ලගෙන සිටින වැරදි සීල වෘතයි.පරාමාස කියන්නෙ උපාදාන වලටයි. නැතහොත් යමකට ග්‍රහනය වීමයි.
විචිකිච්චාව නම් සැකයයි.
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය අදහන එකක් නොවෙයි. මේක අවබෝධ කලයුතු ධර්මයක්... මේ තරම් කාලයක් අපි කරල තිබුනෙ ආගම අදහපු එකයි.
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙවුනාවාසී ස්වාමීන් වහන්සේලා අපට හරි මඟ පෙන්වා දුන්නා....

මේ ධර්මය ස්වාක්ඛාතයි, මනා කොට දේශනා කල එකක්
මේ ධර්මය සන්දිට්ඨිකයි, මේ ජීවිතයේදීම අත් දකින්න පුලුවන්
මේ ධර්මය අකාලිකයි, කාලෙන් කාලෙට වෙනස් වෙන්නෙ නැහැ
එන්න බලන්න, තමා තුලට  පමුනුවාගෙනම බලන්න.
එතකොට තම තමන්ගේ ඤානයේ ප්‍රමානයට අවබෝධ වෙයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය පාශු කූලෙදි අවබෝධ කරන්න බැහැ.  බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය හත් දවසෙ දානෙදි  අවබෝධ කරන්න බැහැ. ඒක මේ ජීවිතයේදීම අවබෝධ කල යුතු ධර්මයක්. ධර්මය සන්දිට්ඨික වෙන්නෙ ඒකයි. මේ ලෝකයේ අනෙකුත් සියලු ආගම් තිබෙන්නෙ මැරිල ගිහින් බලන්නයි. බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නෙ ඒහි පස්සිකෝ වශයෙන් මියයාමට කලින් ඇවිත් බලන්නයි.. දුකේ හට ගැනීමත් දුකේ නැති වීමත්   සරලව පැහැදිලි කල එකම ශාස්තෲන් වහන්සේ බුදු රජාණන් වහන්සේම පමනයි..
   දහස් ගනන් මිනිසුන් මරපු අංගුලිමාලත් මේ ධර්මය අවබෝධ කලා නම් අපිට බැරි වෙන්න කාරනාවක් නැහැ.

සැම විටකම සම්මා දිට්ඨියේම  සිත පවත්වා ගන්න. කිරි උතුරවල සෞභාග්‍ය  ලැබෙන්නෙ නැහැ. පුජාවල් තියල  පොල් ගහල අමනුස්ස බලවේග ලං කරගෙන මේ ගමනයන්න බැහැ. මිත්‍යාව අදහා ගැණීම හරිම භයානකයි.
                       බුදු රජාණන් වහන්සේ දේශනා කලා තදින්ම මිත්‍යා දිට්ඨිය අදහන්නන්ට උපත් දෙකක් පමනයි කියල.
යථා බතං නික්ඛිත්තං ඒවං ඉඡ්ඡාය උප්පඡ්ඡති.
එක්කො නිරයෙ නැත්නම් තිරිසන් අපායෙ............

  තදින්ම මිත්‍යා දිට්ඨිය අදහන අනෙකුත් ආගම් වල උදවියට ප්‍රේත කරදර නැත්තෙත් ඒකයි. පිං ගන්නවත් පුලුවන් ප්‍රේත ලෝකයක ඉපදීමේ අවස්ථාව තියෙන්නෙත් බෞද්ධයන්ට පමනයි..
මේ අපට ලැබුන අවසාන අවස්තාව වෙන්න පුලුවනි
නැවතත් සසරට වැටිල මනුෂ්‍ය ආත්මයක් ලබද්දි මේ ගෞතම සාසණය මිහි පිටින් අතුරැදන් වෙලා තිබේවි..
බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මඤ්ඤකයේ
  අන්තිමට ඇස් පියා ගන්න කලින් කිව්වෙත් ප්‍රමාද වෙන්න එපා කියලයි..
මේ විඤ්ඤානයත් අනිත්‍ය දෙයක්. මේක බාහිර කෙනකුට  වෙනස් කරන්න බැහැ. බෝධි පූජා කරල විඤ්ඤානය වෙනස්කරන්නත් බැහැ.
එකම විඤ්ඥානයක් භවයෙන් භවයට යන්නෙත් නැහැ.

හේතු නිසා විඤ්ඤානය සකස් වෙනව
හේතු වෙනස් වෙනකොට විඤ්ඤානය වෙනස් වෙනව
හේතු නිරැද්ධ වෙනකොට විඤ්ඤානය නිරැද්ධ වෙනව

    විඤ්ඤානය කියන්නෙ විශේෂයෙන් දැන ගන්නේය කියන එකයි. (විජානාති' ති ඛෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති වුච්චති.) ඛඡ්ජණීය සූත්‍රය.

අපට මේ විඤ්ඤානය වෙනස් කරගන්න පුලුවන් වෙන්නෙ බුද්ධ දේශනා ශ්‍රවනය කලොත් පමනමයි..
මේ ලෝකයේ ගුරැ උපදේස රහිතව තනිවම විඤ්ඤානය වෙනස් වෙන්නෙ සම්මා සම්බුදු වරැන්ටයි පඤ්ඥේක බුදුවරැන්ටයි
 පමනයි........සාරිපුත්ත මොග්ගල්ලාන ආදී රහතන් වහන්සේලාත් මේක අවබෝධ කලේ ධර්මය ශ්‍රවනය කිරීමෙන්මයි...
 එක අම්මගෙ කුසේ නිවුන්නු වෙලා ඉපදුනත් භව ගමන යන්නේ තනි තනිවමයි. අත්වැල් බැඳගෙන පීනන්න ගියොත් ඔක්කොමල නැවතත් සසරේ ගිලෙනවා.

 අපි පරම්පරාවෙන් රැක ගෙන ආව බොහොමයක් චාරිත්‍ර වාරිත්‍ර මිත්‍යාවට යට වෙලා කියල  අපට වැටහෙන්නෙ මේ ශ්‍රි සත් ධර්මය නුවනින් මෙනෙහි කලොත් පමනයි.  පරම් පරාවෙන් ආ පමනින් ගන්න එපා කියල බුදු රජාණන් වහන්සේ  කාලාම සූත්‍රයේදී දේශනා කොට වදාලා.
අපේ වාසනාවට දැන් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය ඒ ආකාරයෙන්ම ශ්‍රවනය කිරීමට අපට ලැබිල තියනව.
මීට අවුරුදු දහයකට කලින් අපි දන්නා ඉතිහාසයේ මේ ධර්මය මේ විදියට කතා කරල නැහැ...

අපි හිතාගෙන හිටියෙ මැරෙන සියලු දෙනාම හත් දවසෙ දානයට ගෙදර එනව කියලයි. ඒත් බුද්ධ දේශනා ඇහෙද්දි තමයි තේරෙන්නෙ මැරෙන සියලු දෙනාටම පාංශු කූලෙටවත් එන්න බැරි බව.
ත්‍රිපිටකය ගැන අපි දැන ගෙන හිටියෙ මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරෑඩ කරන ලදී කියලයි. ජත්ත මානවක ගාථා අදත් බෝහෝ ලමයි දන්නෙ ඉස්කෝල ඇරෙන වෙලාවට කියන ගාථාව කියලයි.ජාතක කථා උසස් පෙල පන්ති වලට ඉගැන්නුවෙ  ජාතක කථා කතුවරයා යුගයේ අවශ්‍යතාවය මනාව ඉටුකලා යනුවෙනුයි.
. නිරය  ගැන සිතා සිටියෙ පවට බය කරන්න හදපු කථා කියලයි. බුදු රජාණන් වහණ්සේ නිරය ගැන අවබෝධයෙන්ම දේශනා කල ධර්මය  ස්‍රද්ධාවෙන් අහන්න. ස්‍රද්ධාව  නැති කිසිම කෙනක් මේක කොහොම විශ්වාස කරන්නද ?.  
 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා දැන් අපට ඒ බුද්ධ දේශනා අහන්නට තියනව.
නැත්නම් අපට  මේ සූත්‍ර දේශනාවල නම් වත් නොඅසාම මිය යන්න තිබුනා.. 

මේ වනකොට බොහෝ ස්වාමීන් වහන්සේලා මහමෙවුනාවට බනිමින් හෝ සූත්‍ර දේශනා පවත්වන නිසා කොහොම හරි මේ සත්‍ය අවබෝධ කර ගන්න බලමු.. හැබැයි කොයි හාමුදුරැවණ්ගෙන් බණ ඇහුවත් බුදු හාමුදුරැවන්ගෙ බණ විතරක් ඇසීමට තමන්ම වග බලා ගන්න..............
 බෞද්ධයෙක් වශයෙන් නිකංම්ම මිය යන්න එපා..   අඩු තරමෙ ශ්‍රද්ධාවට වත් පැමිණෙන්න. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයෙන් ටිකක් වත් දැනගෙන මියයන්න.... 
  සියලුම සත්වයන් උපදිමින් මිය යමින් මේ භව ගමන යන්නේ ආත්මයක් තිබිල නොවෙයි. බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් මේ ධර්මතාවය අනාත්මයි.
ප්‍රාර්ථනා කරල කිසිම දෙයක් තමාගේ වසඟයේ පවත්වන්ට බැහැ..  මැරැනට පස්සෙ නිවන් සැප ලැබේවා කියල රට පුරා බැනර් ගැහුවත් වැඩක් නැහැ.
ඒක ජීවත් වෙලා ඉන්දෙද්දි අවබෝධ කල යුතුයි.

  මැරෙන කොටම නිරයේ හෝ තිරිසන් ලෝකයේ හෝ දෙවියන් අතරනැවත උපදින්නෙ චුති සිත නිසා නොවෙයි.
      ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථා අටක් පිලිබඳව තථාගතයන්වහන්සේ අක්ඛන සූත්‍රයේදී දේශනා කොට වදාලා. අක්ඛන සූත්‍රය  අහලම බලන්න අපි කොච්චර වාසනාවන්තද කියල..ඒ වගේම ධර්මය අවබෝධ වීමට හේතුවන ප්‍රධාන කරැනු අටකුත්  බුදු රජාණන් වහන්සේ  පෙන්වා දුන්නා.
සද්ධාති තථාගතස්ස බෝධිං.....
ස්‍රද්ධාව කියන්නෙ තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැණීමයි.
 මේ අවබෝධය ලැබෙන්න නම් එක්කො අහන්න ඕන නැත්නම් කියවන්න ඕන....
නිර්මාංශ  උනා කියලත් ධර්මය අවබෝධ වෙන්නෙ නෑ.මාංශ ආහාර ගැණීමෙන් පවු සිදුවන ආකාරය බුදු රජාණන් වහන්සේ ජීවක සූත්‍රයේදී දේශනා කලා.  තිරිසන් ලෝකයේ උපදින සතුන් මරණ එකයි මැරෙන එකයි කවදාවත් අපට නවත්වන්න බැහැ. බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටිද්දිත් පංසල පිටිපස්සෙ වත්තෙ චුන්දගෙ ඌරැ මස් මඩුව තිබුන. ඒ නිසා තිරිසන් ලෝකයේ නූපදින්න මේ ධර්මය පිලිසරණ කර ගන්න.

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය සසරෙන් එතෙර වීමට පහුරක් ලෙස යොදා ගනිමු.
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ තිරිසන් අපායේ නූපදින්න පිලිසරණ කර ගන්නයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ අසුර ලෝකවල නූපදින්න පිලිසරණ කර ගන්නයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ ප්‍රේත ලෝකයේ නූපදින්න පිලිසරණ කර ගන්නයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ නිරයේ නූපදින්න පිලිසරණ කර ගන්නයි...

සතියක් පිරිත් කියල මහතට නූලක් බැඳ ගත්තත් මේක අවබෝධ වෙන්නෙ නෑ. පිරැවානා පොත්වහන්සේ  අවබෝධයෙන්ම  සඡ්ඡායනා කරන්න.
බෞද්ධයෙක් වශයෙන් ඉපදිලා ශාසනික දුප්පත්කම  උරැම කර ගෙන පෘතග්ජනයෙක් වශයෙන් මිය යන්න එපා.
හතර පෝයටම සිල් ගත්තත් ආකාරවතී සද්ධාව නැත්නම් එතන ස්‍රද්ධාව නැහැ.   පිරිසිදු බුද්ධ වචනය දැන් අහන්න තියෙන වෙලාවේ ප්‍රමාද වෙන්න එපා......
ඉතින් ඔබත් සෝතාපත්ති අංග ඇති කරගන්න.... ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති කර ගන්න. ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති කර ගන්න. ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති කර ගන්න. ආර්‍ය කාන්ත ශිලය ප්‍රගුන කරන්න. මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නවා’ කියලා අධිෂ්ඨාන කර ගන්න..තමා තමාවම පිහිට කර ගන්න.
ඔබට මල් පූජා කරල පමනක් මේ අවබෝධය ගන්න බැහැ.පහන් දල්වල පමනක් මේ අවබෝධය ගන්නත් බැහැ.  සුක්කානම අතගාල වැන්දට අවබෝධ වෙන්නෙත් නැහැ.බෝධි පූජාවෙන් අවබෝධ වෙන්නෙත් නැහැ.බුදු රජාණන් වහන්සේ වදාල ධර්මය අවබෝධ වෙන්න නම් අහන්නම ඕන.
    මල් පූජා කරන විටත් පහන් දල්වන විටත් බුද්ධානුස්සතිය වැඩෙන ආකාරයට අවබෝධයෙන්ම ශ්‍රද්ධාවෙන් කරන්න එය පින වර්ධනය වීමට උපකාර වෙනව.

භාග්‍යවතුන් වහණ්සේ වදාල බුද්ධ දේශනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ හඩින් අසන්නට  මෙතන කොටන්න
මේ සත්‍ය අපට මතුකර දුන් කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා........
මේ ගෞතම සාසනයේදීම  චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා..
     

                   

සාදු සාදු සාදු..

මේ මිත්‍යාදිට්ඨියෙන් ගැලවෙමු...




                           මිත්‍යාවට බුදුගුණ හඞ කැවීම..
නව ග්‍රහ ශාන්තිය වශයෙන් මෙතන අරගෙන තියෙන්නෙ බුදු රජානන් වහන්සේගේ බුදු ගුණ නමයයි...අවිද්‍යාව දුරැකර විද්‍යාව උපදවාගත් ඒභාග්‍යවත් බුදු රජානන්වහන්සේගේ බුදු ගුණ වලට අපහාස කරන්න එපා.
            බුදු රජාණන් වහණ්සේ ප්‍රතික්ෂේප කල වේදය බුදු ගුණ හා ගැලපීම පවක්.
ග්‍රහ අපල වලට මිනිසුන් ලෙඩවනවා කියල බුදුන් වහන්සේ කොතනකවත් දේශනා කරල නැහැ..  බුදු රජාණන් වහන්සේ දේශනා කලේ මේ සත්වයාගේ සසර ගමන යන්නෙ  පටිච්ච සමුප්පාදය නිසා කියලයි..
අවිඡ්ජා පච්චයා සංකාරා.
සංකාර පච්චයා විඤ්ඤානා.
විඤ්ඤාන පච්චයා නාම රැපා.
නාම රෑප පච්චයා සලායතනං.
සලායතන පච්චයා ඵස්සෝ.
ඵස්ස පච්චයා වේදනා.
වේදනා පච්චයා තන්හා.
තන්හා පච්චයා උපාදාන.
උපාදාන පච්චයා භවෝ.
භව පච්චයා ජාති.
ජාති පච්චයා ජරා මරනං සෝක පරිදේව දුක්ක දෝමනස්ස................
කියලයි දේශනා කලේ.
එහෙම නැතිව රාහු පච්චයා. සෙනසුරැ පච්චයා. කියල දේශනා කලේ නැහැ...
බුදු රජාණන් වහන්සේගේ ගිහි ශ්‍රවකයෙක් හෝ පැවිදි ශ්‍රාවකයෙක් වේවා මේ ජරා මරණ සෝක  වැලපීම් දුක් දොම්නස් එන්නෙ ඉපදීම නිසා නොවෙයි ග්‍රහයො නිසා කියනවනම් එතන හෙලා දකින්නෙ පටිච්ච සමුප්පාදයයි. පහර ගහන්නෙ බුදු රජාණන් වහන්සේගේ ධර්මයටයි.
බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ අවිද්‍යා සහගත ක්‍රියා නොකලයුතු බව දීඝ නිකායේ එක කොටසේ සීලක්ඛන්ධ වර්ගයේ සාමඤ්ඥඵල සූත්‍රයේ පැහැදිලිවම දේශනා කරල තිබෙනවා.
බුදු රජාණන් වහන්සේත් මේ සියලු අවිද්‍යා සහගත තිරශ්චීන විද්‍යාව හෙලා දැක්ක බව එම පොතේම බ්‍රහ්මජාල සූත්‍රයේ පැහැදිලිවම දේශනා කරල තියනව.

විඡ්ජා චරණේ බලයෙන් රාහු අපල දුරැවේවා.........කියල ඒ භාග්‍යවත්වු අරහත්වු සම්මා සම්බුදු රජාණන් වහණ්සේගේ බුදු ගුණ  නමයට අපහාස කරන්න එපා....උපදින සත්වයාගේ කර්ම විපාක සකස් වන්නේ මවු කුසේ දීමයි. නැතුව උපන් වෙලාව අනුව නොවේ. එහෙනම් හොඳ වෙලාවක් බලල සීසර් කලා නම් ප්‍රශ්න නැහැනෙ. ඒ වගේම සුබ නැකතට suicide කරගෙන සුගතියෙ උපදින්නත් බැහැ.
බුදු රජාණන් වහණ්සේ ඡත්ත මානවකට නව ග්‍රහ ඒරාෂ්ඨකයට බෝධි පූජා කවි ඉගැන්නුවෙ නැහැ.
 තං සුගතං සර නත්ථමු පේමී..ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.
දම්ම මිමං සර නත්තමු පේමි... ඒ ධර්මයේ සරණ යන්න.
සංඝ මිමං සර නත්තමු පේමී... ඒ ශ්‍රාවක සංඝයා සරණ යන්න.
 ඉතින් අපත් යා යුත්තේ ඒ තිසරණයමයි..
ඔබට නව ග්‍රහ අපලයට පූජාවක් කිරීම අවශ්‍යම නම් බෝධියක් ලඟ නොකර පොල් ගසක් ලඟ කරන්න. එතකොට බෝධියට අපහාස කිරීමේ පාපයට හසු වෙන්නේ නැහැ. 
ඒත් දිට්ඨි උපාදාන වලට අහු වෙනව..උපාදාන පච්චයා භවෝ. අපි උපතක් කරා යන්න හේතුව භවයයි. එහෙනම් අපි චේතනා පහළ කරලා අපි කරන වැරැද්දෙන් පරෙස්සම් වෙන්න ඕන. මොකද, අපි කරන වැරැද්ද විසින් උපද්දවලා දෙන විපාකය හේතුවෙන්නේ වැරදි තැනකට යන්නයි. අපි කරන හරි දෙයින් උපද්දවලා දෙන්නේ හරි තැනකට යන්නයි........

භවය කියන්නෙ ඉපදීම නොවෙයි. ඉපදීමට හේතු වන දෙයයි. ඉපදීම ඵලයයි. භවය හැදුනෙ නැත්නම් ඉපදීමත් නෑ. 

කාම ධාතුවේ විපාක  පිනිස කර්ම සකස් වීමෙන් කාම භවය සකස් වෙනව. රෑප ධාතුවේ විපාක පිනිස කර්ම සකස් වීමෙන් රෑප භවය සකස් වෙනව. අරෑප ධාතුවේ විපාක පිනිස කර්ම සකස් වීමෙන් අරෑප භවය සකස් වෙනව.
කාම,රෑප,අරෑප කියන භව තුනේම ඉපදෙන්න විපාක පිනිස කර්ම සකස් උනේ නැත්නම් උපදින්නත් තැනක් නැතුව යනව. භව නිරෝධා ජාති නිරෝධෝ.
ඒකට කියන්නෙ පිරිනිවන් පානව කියල..  
මේ ජීවිතයේදීම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය වන අතර ඊළඟ ජීවිතයේදී විපාක දීමට සකස්වන කර්ම උපපඡ්ඡවේදනීය නම් වෙනව. සසරේ කවදාක හෝ විපාක දීමට සකස්වන කර්ම අපරාපරිය වේදනීය කර්ම නම් වෙනව. කුසල වේවා අකුසල වේවා හැම කර්මයක්ම සකස්වෙන්නෙ චේතනාව මුල් කර ගෙනයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි... චේතනා පහල කරල කරන කිසිම කර්මයක් විපාක නොදී අවසන් වෙන්නෙ නැහැ. ඒත් බුද්ධ දේශනා අසන්නට නොලැබුනාම හිතෙන්නෙ ගේ ගිනිකතුරට අහුඋනාමත් විපාක දෙන්න කර්ම සකස් වනව කියලයි.  බෞද්ධ සිංහළයො තරම් අනුන්ගෙ ආගම් අදහන ජාතියක් තවත් නැතුව ඇති කියල රොබට් නොක්ස් කියන සුද්දත් එයාගෙ පොතේ ලියල තිබුන.
    කාම ලෝක එකොහලයි. රෑප ලෝක දහසයයි. අරෑප ලෝක හතරයි. ඔක්කොම තිස්එකයි. බුදු රජාණන් වහන්සේමේ සියලුම ලෝක අවබෝධ කලා. ඒ නිසා ලෝක විදූ වන සේක. ඒ ලෝකවිදු බුදු ගුනයට අවිද්‍යාව පටලවල කාම ධාතුවේ විපාක පිනිස කර්ම සකස් කර ගන්න එපා. මොකද සතර අපාය අයිති වෙන්නෙ කාම ලෝකයටයි.  ධාතු සංයුක්තය.

මේ මායාකාරි විඤ්ඤානයේ ක්‍රියාකාරීත්වය බුදු රජාණන් වහන්සේ
බීජ සූත්‍රයේදී   ඉතා සරල උපමාවලින් පැහැදිලි කරල තියනව.
බුදු රජාණන් වහන්සේ හැම දේශනාවකම පෙන්නපු උපමාවල් හරිම සරලයි. හරිම පුදුමයි.  තැනටම ගැලපෙන ඒ උපමාවල් ඉදිරිපත් කරණ්න පුලුවන් කම තියෙන්නෙ සම්මා සම්බුදු වරැන්ට පමනමයි..
දැන්වත් විද්‍යාව උපදවා ගනිමු...මේ සසර ගමනෙන් නිදහස් වීමට ආර්‍ය සත්‍ය අවබෝධ කරමු...

 මේ ලෝකයේ පලමුවැනි බෝධි පූජාව කලේ ඒ බුදුරජාණන් වහන්සේමයි.
උන් වහන්සේ නොකඩවා සත් දිනක් බෝධියට උපහාර පූජා කලා.
ඉතින් ඔබත් බෝධියට පූජා පවත්වන්නේ නම් ඒ භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන් වහණ්සේගේ අරහං බුදු ගුනයට මාගේ නමස්කාරය වේවා,  යනුවෙන්              බුදු ගුණ නමයටම වන්දනා කරන්න.
අරහං බුදු ගුනෙන් මගේ සඳුගෙ අපල දුරැවේවා කියල බුදු ගුන වලට අපහාස කරන්නත් එපා.
   සත්තා යන බුදු ගුනයෙන් අහවල් එක දුරැවේවා කියල සත්තා දේව මනුස්සානං බුදු ගුනය මොඩ් කරල පවු කර ගන්න එපා.
අනුත්තරෝ කියල බුදු ගුනයක් නැහැ. තාලෙට කියන්න ගිහින් අනුත්තරෝ පුරිස ධම්ම සාරතී බුදු ගුනයට අගෞරව කරන්නත් එපා.
මේ කවි පංතියේ සම්පූර්ණයෙන්ම කියවෙන්නෙ මටම වේවා, මගේ අහවල් එක දුරැවේවා කියල පමනයි. කිසිම තැනක බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා කියල නැහැ.
මේක බුදු රජාණන් වහන්සේගේ අවබෝධයට කරන පූජාවක් නොවෙයි. මෙතනදි කරන්නෙ බුදු රජාණන් වහන්සේගේ අවබෝධයට නින්දා කිරීමක්...  

   මොකද ගෞතම බුදු රජාණන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී අවබෝධ කලේ රාහු අපල නිසා ලෙඩ වෙනව කියල නෙමෙයිනෙ....අපල නැකත් සේරම අයත් වන්නේ හිංදු ආගමට. සූර්යයා මීන රාශියෙන් මේෂ වලට යන්නෙත් හිංදු ආගමේ. ඉතිං ඒ නිසා බුදු රජාණන් වහන්සේ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කල බෝධි වෘක්‍ෂය යට හිංදු ආගම අදහල පවු පුරව ගන්න එපා.


ප්‍රාර්තනා කරල යාඥා කරල ලබා ගැණීමක් බුද්ධ දේශනාවක නැහැ..
ඒව තියෙන්නෙ මිත්‍යා දිට්ඨ්ක ආගම්වල. බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කලයුතු එකක් මිස පතන එකක් නොවෙයි..
සිංහළ බෞද්ධයා මේ වරද පරම්පරා ගානක ඉඳල කරගෙන ආව නිසා දැන් දිට්ටි උපාදාන වලට හිරවෙලා ඉණ්නෙ....
මෙහෙම පතල ලැබෙනවනම් මුස්ලිම් පල්ලියෙ පැතිල්ලයි ක්‍රිස්තියානි පල්ලියෙ පැතිල්ලයි අපෙයි අතර වෙනසක් නැහැ..........
නතේන ධම්මේන සමත්ථි කිඤ්චි..
ඒ දහමට සම කල හැකි වෙන දහමක් නැත........
.රතන සූත්‍රය..

මේ video එකේ කියන විදියට රේඩියෝ ඒකේ සද්දෙ වැඩිකරල අහනකොට සැප සතුට සෞබාග්‍ය උදා උනානම් මේ වෙනකොට අපට මොනවයින්ද   අඞු...........


එවගේම බොහෝ මිත්‍යා විශ්වාස බෞද්ධ වේශයෙන් බොද්ධයාව ආක්‍රමනය කරල තියනව. හතු පිපෙන්න වගේ FM නාලිකා වැඩි වෙනකොට  මිත්‍යාව ප්‍රචාරය කරන්නෙත් තරඟෙට වගේ.
 රත්නමාලී යන්ත්‍රය කියල නම දාගෙන ඒකට බෞද්ධ හඞ කවල බුදු රජාණන් වහන්සේ දේශනා නොකල දෙයක් රට පුරා ප්‍රචාරය වෙනව. මේවා සම්පූර්නයෙන්ම බුදු රජාණන් වහන්සේගේ ධර්මයට පටහැනියි. 
 මේකෙ තියන පාලි ගාථාවට යොදපු සිංහළ ගාථාව නම්  හොඳයි. ඒකෙ තියෙන්නෙත් තෙරැවන් සරණ යන්න කියලයි. ඒ ගාථාවට අප නමස්කාර කල යුතුයි.  පාලි ගාථාවෙ හැම පදයකම සං යනුවෙන් අවසන් වෙන්නෙ අතර්වන් වේදයේ තන්ත්‍ර කියන කොටසේ ඝණ පිහිටුවීමටයි. බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නෙ ඝණ නොවෙයි. සත්‍ය පමනයි.
මේ පාලි ගාථාවත් කවුරැහරි හදපු එකක් මිස කිසිම බුද්ධ දේශනාවකින් උපුටා ගත්ත එකක් නොවෙයි. බුදු රජාණන් වහන්සේ වදාල සූත්‍ර දේශනාවක හෝ ධම්ම පදයේවත් මෙහෙම ගාථාවක් නැහැ.
මේකෙ තියන වරද තේරැමක් නැති චිත්‍රයකට  තෙරැවන් ගුණ හඩ කැවීමයි. බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු අවිද්‍යාව දැන් රේඩියෝ එකේ මොර දෙන්නෙ බෞද්ධ වේශයෙන්. 
අවිද්‍යාව දුරැ කරල විද්‍යාව උපදවාගත් රහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් හදපු රැවන්වැලි සෑයේ ධාතු ගර්භයට දැන් FM වලින් උදේ හවස අවිද්‍යාව රිංගවනව. දැන් මේක සරණයන බෞද්ධයන්ට නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර උපදිනව ඒකාන්තයි.
 බුදු රජාණන් වහන්සේගේ ධර්මය  අසන්නට නොලැබුන සියලු දෙනා මේක තමයි ඇත්ත කියල ඒක සරණ යනව. බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ යන්තර නැහැ. මේවා හදාගෙන තියෙන්නෙ කේන්දර බලන්නන්ගෙ පැවැත්මටයි.
 හදිසියෙවත් මේ දෛවඥයෙක් මැරැනොත් එතකොට දොස්තර වාර්ථාව දෙන්නෙත් හාට් එක නැවතීම නිසා සිදුඋන හදිසි මරණයක් කියල.. එතකොට ඒ ගෙදර අයවත් ඒක අපලයක් කියන්නෙ නැහැ. ඉතින් ඔබත් බෞද්ධයෙක් නම් බෞද්ධ වේශයෙන් එන මිත්‍යාව සරණ යන්න  එපා.

බුදු රජාණන් වහන්සේ වදාල ධර්මය අංග නවයකින් යුක්තයි. ඒ නවාංග සාස්තෲ සාසනයේ කිසිම කොටසකට මේ චිත්‍රය ගලපන්න බැහැ. බුදු රජාණන් වහන්සේ දේශනා කල මංගල කරැනු  තිස් අටෙන් එකකටවත් ගලපන්නත් බැහැ. බෞද්ධ වේශයෙන් එන වෙනත් දේවල් නිසා ධර්මය විනාශවන බව නම් බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියනවා..


    ඉන්දියාවෙන් බුදු දහම අතුරැදන් උනේ බ්‍රාහ්මන වේශයෙන් උනාට කවද හරි ලංකාවේ බුදු දහම අතුරැදන් වන්නේ බෞද්ධ වේශයෙන්මයි. බ්‍රාහ්මනයො රාමායනය ලිව්වෙත් ලංකාවෙන් නැවතත් බුදු දහම ඉන්ඳියාවට පැමිනීම වලකන්නයි. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය, ලංකාවතාර සූත්‍රය වැනි මහායාන සූත්‍ර ලියවුනේද බෞද්ධ වේශයෙන් බුදු දහම වැනසීමටයි.
    බුදුන් ලංකාවේ ඉපදුනා කියල වර්ථමානයේ ලියවුන පොත් තවකාලයක් ගතවෙනකොට  ඒවත් පුරාන පොත්වල ලියවුන සත්‍ය දේවල් හැටියට ඒ කාලෙට මිනිසුන් පිලිගනීවි.

මේ වෙනකොට කිසිම බුද්ධ දේශනාවක සඳහන් නොවන පාපීග්‍රහයෝ පරිත්සානුභාවයෙන් අවනත කර ගන්නත් ග්‍රහ දෝෂ නිවාරනය කරගන්නත් පිරිත් ලියවිලා තියනව. සද්ධම්ම පුන්ඩරීක සූත්‍රයේ සඳහන් වන පච්චුප්පන්නාචවූ අනාගත මහායාන බුදුවරැන්ට වන්දනා කරන්න ගාථා ලියවිල තියනව.
සූත්‍ර දේශනාවල නමින් යන්තර හදල බිත්තියෙ එල්ලන්නත් තියනව.
තවත් අය බුදු ගුණ වලින් හැදුවා කියන යන්තර සුරේකට දාල බෙල්ලෙත් එල්ලනව. ධර්මය විනාශ වෙන කාලෙට මේව සිද්ධ වෙනව. මොකද බුදු ගුණ සුරේකට දාල තව කෙනෙකුගෙ බෙල්ලෙ එල්ලල පිහිටක් දෙන්න බුදු රජාණන් වහන්සේටත් කරන්න බැහැ. එහෙම කරන්න පුලුවන් කමක් තිබුනනම් මහා කාරැනික බුදු රජාණන් වහන්සේ දේවදත්තව එහෙම හරි බේරගන්නව..

     මේ සද්ධර්මය මිහිතලයෙන් අතුරැදහන් වෙන්නෙ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන්ගෙන් නොව මේවගේ බෞද්ධ වේශයෙන් රිංගන මිත්‍යාව නිසාබව බුදු රජාණන් වහන්සේ සද්ධම්ම පති රෑපක සූත්‍රයේදී දේශනා කලා. දැන් ඒවා සිදුවෙමින් පවතිනවා.
       මාතලේ අලු ලෙනේදී බුද්ධ දේශනා පුස්කොල පත්වල  ලියද්දි ඒවාට කිසිම මිත්‍යාවක් එකතු නොවුනෙ  ඒ බුද්ධ දේශනා මහ රහතන් වහන්සේලා අතින් ලියඋන නිසාමයි.
ඒත් අනාගතයේදී නම් ජෝතිෂ්‍යයත් දේශනාකලේ බුදු රජාණන් වහන්සේය කියල සූත්‍ර ලියවෙන්නත් පුලුවන්.

බුදු රජාණන් වහණ්සේගේ ශ්‍රාවකයෙක් පලවන මාර්ග පලයවු සෝතාපන්න මාර්ග පලයට පැමිණීමට නම්
සක්කාය දිට්ඨියත්, විචිකිච්චාවත්, සීලබ්බත පරාමාසයත් ප්‍රහානය විය යුතුයි.
නැකත්, කේන්දර, සුබ නිමිති, ග්‍රහ අපල සියල්ලම අයිති වෙන්නේ සීලබ්බත  උපාදාන වලටයි. උපාදාන කියන්නේ යමකට ග්‍රහනය වීමයි. බෞද්ධයන්ට මේ සීලබ්බත උපාදාන වලින් අත මිදෙන්න පුලුවන් උනොත් අඩු ගනනෙ ගල් ගෙඩිවල ගහන පොල් ගෙඩි ටිකවත් ඉතුරැවේවි.

 වේද තන්ත්‍ර වලට බුදු ගුන, දහම් ගුන, සඟ ගුන, පටලවල මහානුභාව සම්පන්න මහානර්ඝ කවි කියන වර්ථමාන ජනමාධ්‍යය නිසා අනාගතයේදී පාසල් දරැවකුගෙන් අරහං බුදු ගුණය ඇහුවොත් සඳේ අපල දුරැවෙන එක කියාවි............



                             නිවැරදි බෝධි පූජාව
 බෝධි පූජාව කියණ්නෙ බොහෝ කුසල් වැඩෙන බුද්ධ වන්දනාවක්. බුදු රජාණන් වහණ්සේ නැති අවස්ථාවක උන් වහන්සේ වෙනුවට පුජෝපහාර දැක්විය හැකි බව අනු දැන වදාලා...
බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීම  උන් වහන්සේ වැඳ පුදා ගැණීමට එන දායකයන් බුදු රජාණන් වහණ්සේ විහාරස්ථානයේ නැති අවස්ථාවල  ආනන්ද බෝධිය වන්දනා කලා...එතනයි බෝධි පූජාවේ ආරම්භය....
බෝධියට උපහාර පූජා කිරීමේදී ජීවමාන බුදු රජාණන් වහණ්සේට වන්දනා කරන අදහසින්ම ශ්‍රද්ධාවෙන් වන්දනා කරන්න.
ඒ බුදු රජාණන් වහන්සේ
අරහං වන සේක......
සම්මා සම්බුද්ධ  වන සේක....
විඡ්ජාචරණ සම්පන්න වන සේක...
සුගත වන සේක...
ලෝකවිදූ වන සේක...
අනුත්තර පුරිස ධම්ම සාරතී වන සේක...
සත්තා දේවමනුස්සානං වන සේක....
බුද්ධ වන සේක...
භගවා වන සේක................
යනුවෙන්ම පමනක් වන්දනා කරන්න. බුදුරජාණන් වහන්සේ වදාල ස්වාක්ඛාතවූ ධර්මයේ සරන යන්න. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලයන්වු ඒ ශ්‍රාවක සංඝයා සරණ යන්න. අවස්ථානූකූලව බුද්ධ පූජා ගිලන්පස මල් පහන් පිදීමෙන් බුද්ධානුස්සතිය වඩන්න. ඔබ දන්න ගාථා තේරැම දැන ගෙනම කියන්න. වෙනත් සරණ නොයන්න. වර්ථමානයේ මාහායානිකයන් හදපු ගාථාවල්  කියන්න එපා....බෝ මුල් බෝ පත් මට පෑගෙනවා.....ඒකෙන් විපාක පිනිස කර්ම සකස් වෙන්නෙ නැහැ. තේරැමක් නැති කවි කියල මොකටද....පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලියපු සිත සැනසෙන වන්දනා.කවි පංති කියන්න..
ඒ කරන ලද කුසලය දෙවියන්ට අනුමෝදන් කරන්න..
දෙවි රජවරැන් සතර දෙනෙක් පාලනය කරන චාතුර්මහාරාජිකයේ දෘථ රාෂ්ඨ.විරෑඩ, විරෑපාක්ෂ, වෛශ්‍රවන දෙවිවරැන්ටත් සක්‍ර දෙවියන් ඇතුලුව සියලුම තාවතිංස දෙවියන්ටත් යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය  යන සදේව ලෝක ඇතුලුව සියලු රූපාවචර ලෝක වල දෙවියන්ටත් චතුරාර්‍ය සත්‍යාවබෝධය සඳහා මේ පින හේතු වේවා කියල අනුමෝදන් කරණ්න. එවගේම මෙත් වඩන්න.
දෙවියන් අතර උපදින්නෙ බොහෝ පින් ඇති අයයි.දෙවියන්ට මිනිසුන්ට වඩා පින් කරන්න පුලුවන්. මාර්ග පල අවබෝධ කරන්න තියන අවස්ථාවත් වැඩියි. බොහෝ දෙවිවරැ මාර්ග පල ලාබීන්. සියලුම දිව්‍ය ලෝක පිලිබඳව බුදු රජාණන් වහන්සේගේ        ප්‍රථම ධර්ම දේශනාවේ  සම්පූර්නයෙන්ම විස්තර වෙනව.(දම්සක් පැවතුම් සූත්‍රය)
නමුත් සද් ධර්මය අසන්නට නොලැබුනොත් දෙවි වරැත් නොමග යනව. එසේ නොමග යන දෙවි වරැනුත් මරණින් මතු නිරයේ හෝ තිරිසන් ලෝකයේ උපදින බව දේව චුති සූත්‍රයේ සඳහන් වනව. ඒ නිසා අපි හැම විටම දෙවියන්ටත් අනුමෝදන් කරන්න ඕන නිවරදි දෙයක්මයි..
එතකොට ඒ දෙවියන් පහදිනවා. එතකොට අපට දෙවියන්ගේ රුකවරනය ලැබෙනව.විශේෂයෙන්ම අමනුස්ස කරදරයක් තිබෙනවානම් ඒක ඉවත් වනව. බුදු රජාණන් වහණ්සේ ආටානාටිය සූත්‍රයේදී ඒක පැහැදිලිවම දේශනා කොට වදාලා..
   බුදු රජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍ර ඇතුලු දෙවිවරැන්ට නියෝගයක්ද කලා මිනිසුන් අමනුෂ්‍ය කරදරවලින් බේරන්න කියල.
දිවා ච රත්ථෝ ච හරන්ති යේ බලිං
තස්මාහි නේ රක්ඛත අප්පමත්තා.......
ඒත් දැන් අපේ බෞද්ධයා දේවතා බලි පවත්වන්නේ අසුරයන්ට.  ඒ නිසා දැන් දෙවියන් හා මිනිසුන් බොහෝම දුරස්වෙලා..

   මරනින් මතු දෙවියන් අතර උපදින ආකාරය සංකාරැප්පත්ති  සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ දේශනා කලා...බුදු රජාණන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් සාස්තෘ වන නිසා සත්තා දේව මනුස්සානං වන සේක.
බුදු රජාණන්වහන්සේ උදෙසා බුද්ධ ප්‍රතිමාවට වන්දනා කිරීමත් ධාතූන් වහන්සේලා වන්දනා කිරීමත් බෝධිය වන්දනා කිරීමත් සමාන කුසල් ලැබෙන වන්දනා වෙයි.
ඒ සියලුම වන්දනා බුදු රජාණන් වහන්සේටම කල යුතුයි.මිත්‍යාවේ බැසගෙන කරන බෝධි පූජාවෙන් රස්සාවල් ලැබෙන්නේ නැහැ. ලෙඩ සනීප කරන්නත් බැහැ. බුද්ධ කාලයේ වැඩ සිටි මහරහතන් වහන්සේලාත් අසනීප වලට බෙහෙත් ගත්තා. ඒත්අද වන කොට බෝධි පූජාව කේන්දර බලන්නන්ගෙ අත් බෙහෙත වෙලා. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප උන වෙලාවේ බුදු රජාණන් වහන්සේ බෝධි පූජා නියම කලේ නැහැ.
බෝධි පූජාව කියන වචනයේ සරල සිංහළ තේරැම බුදු රජාණන් වහන්සේගේ අවබෝධයට කරන පූජාව යන්නයි. බෝධි කියන්නෙ අවබෝධයයි. එතකොට බෝධි පූජාව කල යුත්තේ බුදු රජාණන් වහන්සේටයි. මේ බුදු රජාණන් වහණ්සේගේ අවබෝධයට කරන පූජාවයි. එතකොට පූජාව කල යුත්තේ බුදු රජාණන් වහන්සේට පමනයි. ඒත් අද බෝධි පූජාව කරන්නේ එක්කො දුවට නැත්නම් පුතාට නැත්නම් හෝ කාගෙ හරි නමට....
 ඒත් අද සමහරක් ස්වාමීන් වහන්සේලා දායකයන්ට බෝධි පූජාව කරල බුදුරජාණන් වහන්සේට පින් දෙනව..එතකොට බුදු උනේ දායකයොද.

   බෝධි පූජාවෙන් තමන්ට හෝ අනුන්ට පිහිටක් ලබාගැනීමට නම්  සත්‍යවූ දෙයක් සත්‍යක් ක්‍රියා කල යුතුයි. දස බිම්භරක් මාර සේනාව පරාජය කර ජය ශ්‍රී මහ බෝධි මූලයේදී දෙවියන්ගේ ජය ඝෝෂා මැද තථාගතයන් වහන්සේ බුද්ධත්වය ලැබූ බව සත්‍යයක්. ඒ සත්‍ය වචනයේ බලයෙන් සුවපත් වේවා.
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ.....
යනුවෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු  කියල සත්‍යක්‍රියා කරන්න.
ග්‍රහයො පටලවාගෙන අසත්‍යවූ දෙයකින්  සත්‍යක්‍රියා කරල වැඩක් නැහැ..
සත්‍යක්‍රියාවේ විශාල බලයක් ඇති බව අංගුලිමාල මහ රහතන් වහන්සේ අපටහොඳ නිදසුනක්.

       සත්‍යක්‍රියා කරනව කියන්නේ පතනව යාඤා කරනව කියන අදහස නොවෙයි. හිස් ගොඩ නැගිලි වලට අත් දෙක උස්සගෙන යාඤා කරන විදියට බෝධිය ලඟ වැඳගෙන පැතුවට මොනවත් ලැබෙන්නෙ නෑ.
   කිතුනුවෝ බාගෙට අත් ඔසවල ඉල්ලනව, තම්බිල උඩට අත් උස්සල ඉලනව. බෞද්ධයො කුනු පලතුරැ පෙන්නල  අත් දෙක එකතු කරගෙන ඉල්ලනව. කිසි වෙනසක් නෑ මේ තුනම එක සමානයි.
      අවබෝධයෙන් තෙරැවන් සරණ ගිහින් අවබෝධයෙන් සත්‍යක්‍රියා කලොත් බෝධි පූජාවට ඔබ වැය කරන කාලය අපතේ යන්නෙ නැහැ

    මුගලන් මහ රහතන් වහන්සේට අරහත්වයේදීත් කර්ම විපාක පල දුන්න නම් මේ දෙකයි පනහේ අපි බෝධි පූජාවෙන් කර්ම විපාක කොහොම නවත්වන්නද?.
තුන් තරා බෝධියෙන් කුමන බෝධියකට පූජා පැවැත් උවත් ඔබට ලැබෙන්නේ කුසල් පමනමයි. කුසල් ලැබෙන ආකාරයට පූජා පවත්වන්න.
    ඔබ බෝධි පූජාවක් කරන විට ඒ පිංකමට දායක වන සියලු දෙනා ගේම සහභාගීත්වය අනිවාර්යයි. රෝහලේ ඉන්න ලෙඩාට පින තැපෑලෙ යවන්න බෑ. අපි ඔබ වෙනුවෙන් බුදුන් පිදූ බව කිව යුතු යුතුයි. එවිට ඔහු එය අනුමෝදන් වුනාම ඒ කුසලය ලැබෙනව.
මිය ගිය ඤාතියකුටවත් එන්නෙ නැතුව පින්  ගන්න බැහැ.මැරැනම එහෙම නම් පන තියන කොටත් එහෙමම තමයි.
බුදු රජාණන් වහණ්සේ  අංගුත්තර නිකායේ විසිතුන්වන ජානුස්සෝනි පේතදාන සූත්‍රයේදී ජානුස්සෝනි බ්‍රාහ්මනයාට ඒ බව වදාලා...............
     දැන් තමන්ටම තේරැම් ගන්න පුලුවන් රට ඉන්න ඥාතියෙකුට, අතුරැදන්වු කෙනකුට නවග්‍රහ පූජා තියපු එක තම්බිල හිස් ආකාසෙට අත් උස්සනවට සමානයි කියල.

අපි මේ තරම් දිගින් දිගට සංසාරයේ සැරි සරා ආවේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර හට ගනිමින්....උපාදාන ප්‍රත්‍යයෙන් භවය සකස් උන නිසාමයි. මේ ලෝකෙට පහලවන බුදුරජාණන් වහන්සේලා  පමනයි මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අවබෝධ කලේ. උන් වහන්සේලා දේශනා කලාට පසුවයි අනිත් අය දැන ගන්නෙ.
මේතරම් වටිනා ධර්මයක්  අපට ලැබුන වෙලාවෙ ඔබේ ඊලඟ භවය නිරයට හෝ තිරිසන් ලෝකයට සංස්කාර සකස්කර ගන්න  එපා. 
සක්ඛායදිට්ඨි විචිකිච්චිතඤ්ච
සීලබ්බතංවාපි යදත්ථි කිඤ්චි
චතූඅපායේහි ච විප්පමුත්තෝ..............යනුවෙන් රතන සූත්‍රය උදේ හවස කිව්වත්, කිව්වෙ මොනවද කියල දන්නෙ නැත්නම්, ඒ අයට මේ මොනවද කිව්වෙ කියල තේරැම් ගන්න බැහැ.

අද ඉන්න බෞද්ධයන්ගෙන් සියයට අනූවක්ම මැරැනට පස්සෙ නැවත ඉපදෙනව කියල විශ්වාස කරන්නෙ නැහැ. ඒ අයට මේ ලිපියේ කරැනු අදාලනැහැ. මරණින් මතු දුගතියේ ඉපදෙන්න අකමැති අය අවිද්‍යාව දුරින්ම දුරැ කල යුතුයි.
අවසාන මොහොතට පෙර සූදානමක් තබාගන්න.
ඔබේ දරැවාගේ සදා රැකවරනය ඊගල් රැකවරනය නොවෙයි. බුදු රජාණන් වහණ්සේගේ ධර්මයේ රැකවරනයයි.


ජය ශ්‍රී මහා බෝධි මූලයේ වජිරාසනයමත සම්මා සම්බුද්ධත්වයට පත්වු ගෞතම බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..

   ආටානාටිය සූත්‍රය කියනවිට සතර වරම් දෙවිවරැ උදව්වට පැමිනෙන්නේ තෙරැවන් සරණ ගිය ආර්‍ය ශ්‍රාවකයන්ට පමනයි.බුදු රජාණන් වහන්සේගේ බුදු ගුණ ධර්මයේ ගුණ ආර්‍ය මහා ස්‍රාවක සංඝ රත්නයේ ගුණ  අවබෝධයෙන්ම සරණ යන්න. කට පාඩමින් දිනපතා කිවුවත් අවබෝධයක් නැත්නම් එතන සරණ යාමක් නැහැ. වැඩි වාර ගනනක්  කියල අවබෝධ වෙනව නම් මොහිදින් බෙග්ලත් නිවන් දකීවි.ඒ නිසා තෙරැවන් ගුණ අවබෝධයෙන්ම කියන්න..ප්‍රමාද නොවී තෙරුවන් සරණ යන්න..පෘතග්ජන භාවයෙන් මිදෙන්න..
නමෝ බුද්ධාය..


  මේ සත්‍ය ධර්මය අපට වටහා දුන් පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...........
ආටානාටිය පිරිත  මෙතනින්

තෙරුවන් සරණයි............


සාදු සාදු සාදු..